Tuesday, January 15, 2013

අතීතය

පිනි වැටෙනා රෑ යාමේ 
කඳුළු සැලේ නුඹ සිහිවී 
ඔබ දකිනා සැම මොහොතේ 
හදගෙන යයි  මතක මැදින් 

සුදු වත ඇඳ නුඹ ගුරු පාරේ 
පිය මැන්නා සුරඟන සේ 
සිත ඇදිලා ඔබ දුටුදා 
ඔබ පසුපස මා පිය මැන්නා 

නුඹ මාගේ වුණු දිනයේ 
සිත පිරුණා නොනිමි සෙනේ 
මගෙ සිත් මාලිග බිඳ හැරදා 
නුඹ අන් කෙනෙකුට හිමි වීලා 

සිත ගත පෙළුවද ඒ සිහිනේ
නුඹේ ලොවට මා සමු දීලා 
සුවෙන් සිටින්නට සුබ පතලා 
කෙලෙස හො  නුඹ අතහැර යන්නම්.... 


 
 


No comments:

Post a Comment